රුසියාව ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම අරඹයි

2018 දී ඉන්දියාව සහ රුසියාව දිගු දුර මතුපිට සිට ගුවනට මිසයිල පද්ධති සඳහා ඩොලර් බිලියන 5.43 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇත. රුසියාව විසින් ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇති අතර පළමු කොටස 2021 අවසන් වන විට ලබා දෙනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “රුසියාව ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය සැපයීම ආරම්භ කර ඇති අතර, …

Continue Reading

රට ගොඩගන්න නම් ආණ්ඩුව ගංජා වැවිය යුතුයි – ඩයනා ගමගේ ආණ්ඩුව කියයි

විදේශ විනිමය උපයන ව්‍යාපාරයක් බව පවසමින් ගංජා නීතිගත කර රාජ්‍ය අනුග්‍රහය මත වගා කරන ලෙස රජයට සහාය දක්වන සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (16) රජයට යෝජනා කළා. චීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවල් තේ වගා කිරීම ආරම්භ කර වෙළඳපළ කොටසෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන ඇති බැවින් තේ වාණිජ වගාවක් ලෙස තවදුරටත් වගා කළ නොහැකි …

Continue Reading

‘අපේ ආණ්ඩුවේ වාසගමට තනතුරු නෑ‘ – සජිත් ප්‍රේමදාස

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ …

Continue Reading

අර්බුදය එක පාරක – අයවැය තව පාරක – සුනිල් හඳුන්නෙත්ති

දැවැන්ත ආර්ථික අර්බුදයක් රට මුහුණ දී  ඇති මොහොතක ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයෙන් තහවුරු වන්නේ ජනතාව බරපතළ ලෙස රවට්ටමින් අර්බුදය එකපාරකත් අයවැය තව පාරකත් ගමන් කිරීමක් බව ජවිපෙ දේශාපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. පසුගියදා පාර්ලිමේන්තුව හමුවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (16) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු …

Continue Reading

බැසිල්ගේ අයවැයෙන් ජනතාවට මොකද වෙන්නේ ? 43 සේනාංකයේ විග්‍රහය

43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන් යෝජනා කර ඇති පරිදි රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා වක්‍ර බදු ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වයක් ලබා දීම සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත් …

Continue Reading

ජපන් කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට පැමිණෙයි

ඉහළ ඡායාරූපය – හිටපු කුමරිය නිව්යෝර්ක් වෙත පැමිණි දර්ශන ජපානයේ විකාශය වූ ආකාරය ජපානයේ හිටපු කුමරියක වන මාකෝ, සිය නව සැමියා වන කෙයි කොමුරො සමග එක්සත් ජනපදයට පැමිණ තිබේ. මාකෝ රජ පවුල අත්හැරියේ රාජකීය පෙළපතකට අයත් නොවන සමාන්‍ය වැසියකු හා විවාහ වීම හේතුවෙනි. විශ්වවිද්‍යාලයීය පෙම්වතුන් වූ මෙම යුවල පසුගිය මාසයේ විවාහ වූ අතර, ඔවුන් පසුගිය ඉරිදා උදෑසන එතරම් උත්සවශ්‍රියක් නොමැතිව …

Continue Reading

ශ්‍රී ලංකාව නිසා ඇමෙරිකාව – චීනය යළි පැටලෙයි

උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත්කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන තරගය මධ්‍යයේ තවත් මතගැටුමක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය උද්ගත වූයේ, චීන මහජන විමුක්ති හමුදාව (PLA) හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳව පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් අනතුරුවයි. පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක් පෙන්ටගනය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය …

Continue Reading

සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැති කළ හෙළිදරව්ව

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ …

Continue Reading

රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00  සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

Continue Reading

සජබ උද්ඝෝෂණයට වාරණ නියෝග ඉල්ලූ කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය. බ්ලූමැන්ඩල්, …

Continue Reading