වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් …

Continue Reading

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර  අංක 01 දී රැස්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ. රටේ ජාතික ආරක්ෂාව, නීතිය …

Continue Reading

සුකීට සිර දඬුවම් දීම ගැන ඉන්දියාවේ කණස්සල්ල

නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි මියන්මාරයේ නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුකී ඇතුළු පිරිසට අදාළ මෑත කාලීන තීන්දු සම්බන්ධයෙන් තමන් කැළඹී සිටින බව ඉන්දියාව පවසයි. නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය. මහජන නොසන්සුන්තාව ඇති කිරීම සහ කොවිඩ්-19 ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම යන …

Continue Reading

මෝදි – පුටින් හමුව ලෝක දේශපාලනය අලුතින් ලියයි ද ?

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳුදා නව දිල්ලියේ වැඩ සංචාරයක නිරත විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සඳුදා 21 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වූහ. ඔවුන් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි . අන්‍යෝන්‍ය සැලකිල්ල සහ පශ්චාත් වසංගත ගෝලීය ආර්ථික ප්‍රකෘතිය,කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳව මෙන්ම ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ද නායකයින් දෙදෙනා …

Continue Reading

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් රුධිර කැටි ඇතිවීමට හේතුව සොයාගැනේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු අතිශය කලාතුරකින් ඇතිවිය හැකි රුධිර කැටිවලට තුඩු දෙන “ප්‍රේරකය” තමන් සොයාගත් බව විද්‍යාඥයින් පිරිසක් විශ්වාස කරයි. එක්සත් රාජධානියේ කාඩිෆ්හි සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, රුධිරයේ ඇති ප්‍රෝටීනයක් එන්නතෙහි අඩංගු ප්‍රධාන සංඝටකයකට ආකර්ෂණය වන ආකාරය ඉතා විස්තරාත්මකව පෙන්වා දීමට සමත්ව තිබේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කරන අතර, එනිසා අවසානයේ භයානක …

Continue Reading

යල කන්නයේ පොහොර යෙදවීම පසේ සංයුතියට අනුවයි

මෙරට කෘෂිකාර්මික කටයුතුවලදී ඒ ඒ පළාතේ පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදවීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. එසේ කළහොත්  අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික  පොහොර ආනයනය සීමා කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  කෘෂිකර්ම අමාත්‍යාංශයට  2022  වර්ෂය සඳහා අය – වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් …

Continue Reading

කෝටියක මැණිකක් ලැබෙන තෙක් රැවුල නොකපන්න බාර වුණ මැණික් ගරන්නා

මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට බාර වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට . මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා තනි හවුලකින් රුපියල් කෝටියක මැණික් …

Continue Reading

පාකිස්ථානයේ ඉස්ලාම් අන්තවාදීන් ඝාතනය කළ ප්‍රියන්තගේ දේහය මෙරටට එවූයේ කෙසේ ද?

“අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.” ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය. ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් …

Continue Reading

නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ

ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් මීට පෙර සකස් කර තිබූ ප්‍රමිතිය සමාලෝචනය කර නව ප්‍රමිති කෙටුම්පතක් සකස්කර තිබුණද එය ප්‍රමිතියක් වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙම ආයතනය භාර රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් වූ නව ප්‍රමිති කෙටුම්පත සකස්කර …

Continue Reading

ගෑස් ගැන චම්පිකගෙන් අලුත්ම හෙළිදරව්වක්

ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස් කාන්දුවීමෙන් සිදුවූ විනාශයට අමතරව ලිට්‍රෝ සමාගම විසින් මිලියන 300 ක පමණ අයථා ලාභයක් ද ලබා ඇති බව රණවක මහතා පෙන්වා දෙයි. “දැන් මේ රටේ ආණ්ඩුවේ නායකයෝ නොයෙක් අවස්ථාවල උත්සාහ කළා විශේෂයෙන්ම වෙළඳ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා …

Continue Reading