වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි
-
Editor
-
November 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
Continue Reading
විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි
-
Editor
-
November 18, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Continue Reading
අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර
-
Editor
-
November 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
Continue Reading
අද පැය 02ක විදුලි කප්පාදුවක්
-
Editor
-
November 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 2 යි
Continue Reading
පොලීසියට ගල් ගැසූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට
-
Editor
-
November 17, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අනුරාධපුර, සමූහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කාන්තාවන් පිරිසකගෙන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඊයේ (16) දිනයේ දී එම ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා. එහිදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මේ නිසා පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් …
Continue Reading
ධනුෂ්ක ගුණතිලකට ඇප
-
Editor
-
November 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. ධනුෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ධනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගාර ගතව සිටියා.
Continue Reading
ඩයනා ගමගේ ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
-
Editor
-
November 17, 2022
-
දේශපාලන
-
0 Comments
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්‍තේ.
Continue Reading
වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කෙරේ
-
Editor
-
November 17, 2022
-
ප්‍රතිපත්ති සහ සංවර්ධන
-
0 Comments
වාහන ලියාංපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 14 වනදා අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කළා. එම ගැසට් නිවේදනයට අදාළ ගාස්තු සංශෝධනය හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව 1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද, 1600cc ට වැඩි වාහන පළමුවරට …
Continue Reading
මහ කන්නය සඳහා ගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට
-
Editor
-
November 16, 2022
-
කෘෂිකර්මය
-
0 Comments
මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 22,000 ක් රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා යූරියා කිලෝ 157 ක් ලබාදෙන බවත් එම ගොවීන් සඳහාම කාබනික …
Continue Reading
ධනංජය ද සිල්වා BPL සමඟ ගිවිසුම්ගත වෙයි
-
Editor
-
November 16, 2022
-
ක්‍රීඩා
-
0 Comments
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගීවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Sylhet Strikers කණ්ඩායම සමඟ ධනංජය ද සිල්වා ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා.
Continue Reading