මාර්තුවලට පෙර මැතිවරණය පැවැත්විය යුතු නම් පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ එය සිදුකළ යුතුයි – මහින්ද දේශප්‍රිය

එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර පැවැත්වීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ, පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ. එසේම සීමා නිර්ණය හරහා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 4,000 ක් දක්වා අඩු කිරීම කළ …

Continue Reading

Lanka T10 තරඟාවලියක් ඇරඹීමට සැලසුම්

Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සඳහන් කළේ. Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලැබූ T Ten Sports Management FZC සමාගම සමග එක්ව මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා. තරඟාවලිය සදහා …

Continue Reading

උදය ගම්මන්පිලට විදෙස් ගතවීමට අවසර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් විශ්වාසය කඩකළේ …

Continue Reading

ඉන්ධන මිල මාසයකට වරක් සංශෝධනය කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ලබන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකට 1 වනදා සහ 15 වනදා සිදු කිරීමට මීට පෙර …

Continue Reading

කොන්දොස්තරවරයෙකු නොමැතිව මගී බස්රථ ධාවනය කිරීමට අවධානය

ඩොලරය ඉහළ යාමත් සමඟ බස් රථ අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට පෙන්වාදුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉදිරියේදී එම තත්ත්වය බෙහෝ දුරට අඩුවනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. එසේම කොන්දොස්තරවරයෙකු නොමැතිව (Wallet System) මගී බස්රථ ධාවනය කිරීමට සහය …

Continue Reading

පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

2022 FIFA ලෝක කුසලානය අද (20) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය කටාර් රාජ්‍යයේදී ආරම්භ වන අතර මෙය මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වීම විශේෂත්වයක්. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් හෙට සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මෙවර පාපන්දු ලෝක කුසලානයට අදාළ තරග ක්‍රීඩාංගන 8 කදී පැවැත්වීමට නියමිත අතර එම …

Continue Reading

බැසිල් දිවයිනට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය තවදුරටත් ලබාදෙන බවත් පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබාදෙන බවට ද …

Continue Reading

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.    

Continue Reading

ආර්ථික ස්ථායීකරණය සඳහා බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා දෙසැම්බර් මසදී ඉදිරිපත් කිරීමට පියවර

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා. රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. රට තුළ …

Continue Reading