ජැෆ්නා කිංග්ස් Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි

LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත යුතු වූ අතර පන්දුවට පහර දුන් සහන් ආරච්චිගේ ෆයින් ලෙග් කලාපයට ඉහළින් එල්ල කරන හතරේ පහරත් සමඟ කඩුලු 5 ක ජයක් ගෝල් …

Continue Reading

ඔටෝ ඩීසල් මිල පහළ ගියේ නෑ – පාසල් වෑන් හිමියන්ගේ අවසන් තීන්දුව

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි. ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට …

Continue Reading

NMRA නව ඖෂධ මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වා දෙයි

ඖෂධවල නිශ්චිත මාත්‍රා සහ ප්‍රබලතා සඳහා උපරිම සිල්ලර මිල (Maximum Retail PriceMRP) තීරණය කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) නව මිල යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ ගැසට් පත්‍රයක දක්වා ඇති මෙම නියාමන මුලපිරීම, මිල කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ විවිධ පාර්ශ්වකරුවන් සමඟ කරන ලද පුළුල් …

Continue Reading

ජනපතිගේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන SJB ගත් තීන්දුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය. “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. …

Continue Reading

අමනාප වූ පෙම්වතිය යාළු කර ගැනීමට ගිය තරුණ පෙම්වතාට වැඩ වරදී

අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත. නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත …

Continue Reading

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා …

Continue Reading

ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන්

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ …

Continue Reading

ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද?

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු …

Continue Reading

විවාහයට අකමැති වූ පෙම්වතාට වෛද්‍යවරියගෙන් ‘බිහිසුණු පාඩමක්‘

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ (PMCH) ප්‍රතිකාර ලබමින් සිටී. සැකකාර වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ …

Continue Reading