LPL වේගවත්ම ශතකය කුසල් ජනිත්ගෙන්

වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 50 කදී එම දක්ෂතාවය දැක්වීමට කුසල් සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉකුත් 2023 වසරේදී කලම්බු …

Continue Reading

රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පත් කිරීම ගැන මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ මෙන්න !

2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. 27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබා ඇති බැවින් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී.ජයවර්ධන ශිෂ්‍ය නායකයෙකු ලෙස රාජකීය විද්‍යාලයට පත් කළ යුතු බව HRCSL සිය නිර්දේශවල අවධාරණය කරයි. ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන් අයථා ලෙස …

Continue Reading

පොහොට්ටු මහ ලේකම් ‘උදයංගගේ‘ සායම අරී – පෙපාහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැනත් කියයි

රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා ලංකා තානාපති උදයංග වීරතුංග මහතා  ශ‍්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි ද, එම නිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි. ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවත්‘ කියමින් …

Continue Reading

2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ කවුද? සම්පූර්ණ විශ්ලේෂණය

ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු වූ අතිවිශිෂ්ට සංදර්ශනවලින් පසුව, මීළඟ පිරිමි T20 ලෝක කුසලානය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක විමසා බැලීමකි. එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි කණ්ඩායම් 20ක තරඟ ඉසව්වක් ලෝකය භුක්ති වින්ද බැවින්, 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තවත් ICC පිරිමි T20 ලෝක කුසලානයක් …

Continue Reading

ශ්‍රී ලංකන් ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීන්දුව

ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි. ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා කරනවා – වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා …

Continue Reading

විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි – 2159කට නව ගුරු පත්වීම් ප්‍රදානය කරමින් ජනපති පවසයි

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ඒ වෙනුවෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ද ඉල්ලයි. උසස්වීම් හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය මාර්ගගත තාක්ෂණය ඔස්සේ  ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර …

Continue Reading

රු. 20,000කින් වැටුප් වැඩි කරනු ! රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අතළඟ

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ …

Continue Reading

ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘ලෙනින්‘ ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරන තුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ව්‍යාපාරිකයකු වන සී.ඩී ලෙනින් නම් පුද්ගලයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

Continue Reading

හින්දු ආගමික උත්සවයකදී 121කට දිවි අහිමි වෙයි

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ ‘සට්සංග්‘ නමැති හින්දු ආගමික උත්සවයකදී ය. කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මුගල්ගාර්හි නම් …

Continue Reading

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සඳහන් කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් ද මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මේ අතර මීටර් …

Continue Reading