අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් …

Continue Reading

ක්ලබ් වසන්ත ඝාතනය – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ හෙළිදරව්ව

ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන විට ටැටූ ෂොප් හි හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන …

Continue Reading

සම්පූර්ණ කතාව: ‘ක්ලබ් වසන්ත කළ ‘ආන්දෝලනාත්මක‘ හෙළිදරව් !

ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක් කළේය. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ. ප්‍රශ්නය – ‘ක්ලබ් වසන්ත‘ කියන නම ඔබට ආපු හැටි පැහැදිලි කරන්න පුළුවන්ද? වසන්ත –  මුලදී මම තරු පහේ හෝටල්වල පටන් ගත්තු සමාජ ශාලා …

Continue Reading

BMI පමණක් ප්‍රමාණවත් නොවේ, තරබාරුකම හඳුනා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමය කුමක්ද ?

නව තරබාරු රෝග විනිශ්චය BMI ඉක්මවා යයි! පර්යේෂකයන් යෝජනා කරන්නේ මේදය බෙදා හැරීමේ ඉහළ සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම සඳහා ‘ඉණ-උස අනුපාතය / waist-to-height ratio ‘ ඇතුළත් කිරීමට ය. පර්යේෂකයන් තරබාරුකම හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා නව රාමුවක් හඳුන්වා දී ඇති අතර, එය නිර්වචනය කළ යුත්තේ ‘ශරීර ස්කන්ධ දර්ශකය‘ (Body Mass Index BMI) මගින් නොව, පුද්ගලයාගේ ශරීරය පුරා ශරීර මේදය …

Continue Reading

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ ‘ඔස්ටියෝපොරෝසිස්‘ අවදානම ඉහළ යන්නේ ඇයි ? වැළැක්වීමේ උපදෙස් දැන ගන්න

වැඩිහිටි කාන්තාවන්, විශේෂයෙන් ආර්තවහරණයෙන් පසු වන කාන්තාවන් ඔස්ටියෝපොරෝසිස් වලට (Osteoporosis) ගොදුරු වේ. මේ අනුව, ඔවුන් ඔවුන්ගේ ආහාර වේලට කැල්සියම් බහුල ආහාර ඇතුළත් කළ යුතුය. නැතහොත් ඔවුන් කැල්සියම් අතිරේක ලබා ගත යුතුය. කාන්තාවන් වයස අවුරුදු 45 සිට 55 දක්වා ළඟා වන විට, ඔවුන් ආර්තවහරණය වෙත ගමන් කරයි. ආර්තවහරණයේදී, කාන්තාවන්ගේ ඔසප් වීම සදහටම නතර වන අතර, එම නිසා ශරීරයේ විවිධ වෙනස්කම් සිදු …

Continue Reading

වැඩවර්ජනවල හානිය කාටද ? – කනක හේරත් කියන කතාව

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ …

Continue Reading

රාජ්‍ය සේවකයින්ගේ ‘පඩි වැඩි කරන‘ ආකාරය ජනපති හෙළි කරයි

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි. රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි. IMF එකඟතා අනුව මහබැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැහැ. විශේෂඥ කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය …

Continue Reading

‘ලෙනවගේ පෙත්සම’ විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය. එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම්කරුට නියම කෙරුණි. අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල …

Continue Reading

‘CID එකෙන් මට සමාදානයෙන් ඉන්න දෙන්නේ නැහැ’

මීට වසරකට පෙර තම වාහනය විකුණා ඇති බැවින් තමාට මෙය නොතේරෙන බව නිරූපිකාවක් වන පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා. “වාහනය ගත්ත අය මට දුන්නේ සම්පූර්ණ මුදලින් බාගයක් විතරයි. තවම වාහනය මගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා. මම මගේ වාහනය පාවිච්චි කරලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා නැහැ. මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඒක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. …

Continue Reading

අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට, කේ. සුජීවාට තුවාල

අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තා මිය ගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ. කේ.සුජීව ඇතුළු පිරිසක් ටැටූ මැදිරියක් විවෘත කිරීමට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය …

Continue Reading