අධ්‍යාපන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙනුත් එයි

ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙන් ද නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් සහ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේදී මතුව ඇති ගැටළු …

Continue Reading

දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි

නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස්‌ පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්‌තුස්‌ වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා මැල්කම් රන්ජිත් කාදිනල් උතුමාණන් සොයා අපි ගියෙමු. ශුද්ධ වූ දේව වචනයේ අරුත මත සිය අපිස්‌ දිවිය රඳවා ගත් එතුමාණෝ සරල …

Continue Reading

හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධයෙන් විශේෂ රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත් වුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

Continue Reading

ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙමින් පවතිනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි. එහි සභාපති ලාල් විජේනායක මහතා පවසන්නේ මහජන මතයට අනුව අදාළ ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන බවයි.

Continue Reading

පොලිතීන් වැඩේ අසාර්ථකයි

පොලිතීන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ තහනම් කරනු ලැබූ පොලිතීන් වර්ග වෙනත් ආකාරවලින් යලි වෙළෙඳපොළට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි. එම පොලිතීන් වර්ග පෙර පැවති පොලිතීන් වර්ග වලට වඩා මිනිස් සිරුරට අහිතකර බව හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

Continue Reading

ඇස්බැස්ටස් තහනම ඉවතට

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර නිල් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සඳහා ඇති තහනම තවදුරටත් පවතියි. පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී ප්‍රකාශ කළේය.

Continue Reading

පුංචි ඡන්දෙට ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පෙබරවාරි දහ වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00න් අවසන් වේ. නාමයෝජනා භාරගැනීම හෙට දහවල් 12.00න් අවසන්වීමට නියමිතය. අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම …

Continue Reading

පුංචි ඡන්දය පෙබරවාරි 10 දා

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අද(18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තෙන් සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නාමයෝජනා …

Continue Reading

අද විසඳුම් නැතොත් ලංවීම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද (18 දා) දවස ඇතුළත විසඳුමක්‌ ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාට ඊයේ (17 දා) පැවැසීය. තම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා ලබාගැනීම 2014 වර්ෂයේදී ඉංජිනේරුවන් සඳහා පමණක්‌ එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු …

Continue Reading

වැඩි මිලට පොල් විකිණූ 250ක්‌ අත්අඩංගුවට

රුපියල් 75 ක්‌ වන උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් පොල් අලෙවි කළ වෙළෙඳුන් 250 දෙනකු පසුගිය සතියේදී අල්ලා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පාරිභෝගික පනත උල්ලංඝනය කර ඇති මෙම වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේ අදාළ අධිකරණවලදී නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය කියයි. රුපියල් 75 ක උපරිම සිල්ලර මිලක්‌ නියම කර ඇති පොල් ගෙඩියක්‌ රුපියල් 80, 95, 100, 120 …

Continue Reading