ජනපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

සාර්ථක දැක්මක් සහිත ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඒ අනුව සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනැමීමට කි‍්‍රයාකරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තවද ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කීය. අද(29) …

Continue Reading

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන …

Continue Reading

දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත. ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් …

Continue Reading

ඉතිහාසය මෙතැනින් අවසන් ද..?

මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය …

Continue Reading

බදු වර්ග රැසක් අහෝසි කරයි! වැට් ඇතුළු තවත් බදු වර්ග රැසක් අඩු කරයි..

ජාතිය ගොඩනැඟීමේ බද්ද,උපයන විට ගෙවීම් බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද(27) පැවති නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුව සහන පැකේජයක් ජනතාව වෙත ගෙන ඒමට කටයුතු කර ඇති බවයි. අද දිනයේ දී ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන …

Continue Reading

අමාත්‍යධූරය යනු වරප්‍රසාදයක් නොව වගකීමක් – ජනාධිපති ගෝඨාභය අද දිවුරුම් දුන් ඇමතිවරුන්ට අවධාරණය කරයි (වීඩියෝ)

අමාත්‍යධුරයක් යනු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ලැබෙන වගකීමක් මිස වරප්‍රසාදයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(27) නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කථාව මෙසේය. මේ ලබපු තනතුරු වරප්‍රසාද නෙමෙයි ඒවා වඩාත් වගකීම් බව තේරුම් ගන්න් ඕන. ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නේ විශාල බලාපොරෙත්තු ඇතිව. මේ තනතුරු ලබාදීමේදී අපිට දේශපාලනික …

Continue Reading

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහරී..!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය. මෙම නඩුව අද (27) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම …

Continue Reading

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු ලෙස තවත් 38ක් දිවුරයි

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව, ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනු ලැබීය. …

Continue Reading

සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් මත පිහිටා රට ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් අනුව රට ගැන අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කෘතහස්ත දේශපාලනඥයෙකුවූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අසූ තුන්වන ජන්ම දින සැමරුම අදට(26) යෙදී තිබේ. ඒ හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදුකෙරුණේ එක්සත් …

Continue Reading

විපක්ෂනායක ධුරය සජිත්ට අරන් දෙන්න අපේ කිසිඳු සහයක් නැහැ

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවට තමා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් එය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ගත යුතු තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සම්බන්ධන් මහතා මෙසේ පැවසීය. “අපි තවදුරටත් විපක්ෂයේ රැඳී සිටිනවා.රජයේ තීරණවලට විරුද්ධ විය යුතු සෑම අවස්ථාවකම …

Continue Reading