බැඳුම්කරයෙන් මහජන මුදල් කොල්ල කෑ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගිණුම් වලට වාරණයක්!
බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක් පනවා ඇත. එසේම එම සමාගමේ ගනුදෙනු සීමා කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ. ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක්!
මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කීවේය. ඔහු එලෙස කීවේ බැඳුම්කර ගනුදෙනුව ගැන ඊයේ(24) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි. ‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව …
Continue Reading
ට්‍රම්ප් රට වෙනුවෙන් තීරණයකට! මුස්ලිම් රටවල් 7කට ඇමරිකාව තහනම් කලාපයක් වෙයි!
-
RSL
-
January 25, 2017
-
විදේශීය
-
0 Comments
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් අනවසර සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වැට බඳිමින්, ඇමරිකාව හා මෙක්සිකොව අතර ඉදිවන තාප්පයේ වැඩ කටයුතු අද(24) අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එමෙන්ම තාවකාලිකව මුස්ලිම් රටවල කිහිපයක පුද්ගලයින්ටද ඇමරිකාවට ඇතුලු වීම වලකමින් ක්‍රියා මාර්ග ගැනීමටද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත. ලෝක සාම දූතයාගේ කාර්යභාර්ය ඉටු කරන ඇමරිකාවේ ජාතික …
Continue Reading
කැබිනට්ටුවේදී රවීට ජනපතිගෙන් කිසි කන පහරක්!
-
RSL
-
January 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බවත්, කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ. කුප්‍රකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල …
Continue Reading
රජයෙන් සෑම නිවසකටම නොමිලේ LED බල්බ්
විදුලිය නාස්තිය අවම කිරීමේ අරමුණින් විදුලි පාරිභෝගිකයන් සඳහා LED බල්බ නොමිලේ ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. CFL,LED බල්බ් නොවෙයි සාමාන්‍ය බල්බයක් ගත්තොත් එය 95%ක්ම අකාර්යක්‍ෂමයි. LED බල්බ දස ලක්‍ෂයක් මණ්ඩලය මඟින් ගෙන්නලා නොමිලේ හරි දීලා සූත්‍රිකා බල්බ් භාවිතයෙන් ඉවත් කරන්න යෝජනා කළ බව විදුලිබල පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පවසයි. ගෙයින් ගෙට ගොස් එම බල්බ හඳුනාගෙන …
Continue Reading
අධිකරණයට අපහාස කළ විමල්ගේ සහචරයෙක් අත්අඩංගුවට
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත විමල් වීරවංශගේ සහචරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අත්අඩංගුවට ගැණුනේ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ රක්ෂිත බන්ධනාරගත කිරීමේ නියෝගය නිකුත් කළ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, මහේස්ත්‍රාත්වරිය දෙසට ඇඟිල්ල දිගු කරමින්, උස් හඬින් කථාකර තර්ජනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙනි. එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස, මහේස්ත්‍රාත්වරිය …
Continue Reading
රවිගේ තකතීරු තීරණ හමුවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි ගණනක පාඩුවක්
වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ තීරණයකට අනුව ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සාමාන්‍යයෙන් එම මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි අලෙවි කරන බවද, ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලෙවිය 25% …
Continue Reading
ශෂීගේ කට නිසා විමල් තවත් හිරවෙයි
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් …
Continue Reading
දංකොටුවෙන් හොඳම බිම්කොටසක් දැන්ම වෙන් කරන්න
දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් දංකොටුව ප්‍රදේශයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. කුරුණෑගල මීගමු ප්‍රධාන පාරේ දංකොටුව නගරයට විනාඩි දෙකක දුරින් හා පන්නල නගරයට විනාඩි තුනක දුරින් මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා තිබේ. පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු, කදිමට සකස්කළ බිම්පා කට්ටි වැනි සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබට …
Continue Reading
තිනියාවල හිමියෝ බැඳුම්කර මාමයි බෑනයි වෙනුවෙන් උසාවි වඩිති
-
RSL
-
January 23, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් සහ 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලමින් කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. …
Continue Reading