ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන වෙයි

ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් පවසනවා. ඒ අනුව සතියේ ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන කරන බවත් රට තුළ ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව එය වෙනස් වන බවයි ඔහු සඳහන් කරන්නේ. මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් පමණ වෙළෙඳපොළට මුදාහැරියද …

Continue Reading

ධානිශ් අලී රිමාන්ඩ්

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය. රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු …

Continue Reading

ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Continue Reading

ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත. පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …

Continue Reading

වජිර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය. එම පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කර තිබිණි.

Continue Reading

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති වරයාගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Continue Reading

මර්ධනය කළ යුත්තේ මේ ආකාරයෙන් නොවේ- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

මහජන අරගලය අවසන් කිරීම අනිවාර්යයෙන්ම යහපත් සහ කළයුතු කාර්යයක් වුවද එය කළ යුතු ආකාරය මෙය නොවන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහටහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධානය කරනු ලබයි. තවද මහජන අරගලයේ උපත සහ හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි මාර්ගය බව,  බෞද්ධ දර්ශනයේ මූලිකාංග පිළිබඳව මනා දැනුමක් ඇතැයි ජනපති ඔබට අමුතුවෙන් පැහැදිළි කළ …

Continue Reading

පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්?

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.

Continue Reading

වාහනවලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

‘ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන ජයරත්න මහතා පැවසීය. යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවිය. මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර …

Continue Reading

ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්

තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය. සහල් මෙටි්‍රක්ටොන් 40,000 ක්, කිරිපිටි මෙටි්‍රක්ටොන් 500 ක් සහ ඩොලර් මිලියන 22 ක් වටිනා ඖෂධ මෙටි්‍රක්ටොන් 100 ක් වැඩි ප්‍රමාණයක් මෙම භාන්ඩ තොගයට ඇතුළත්ව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සහ සෞඛ්‍ය අමාත්‍ය …

Continue Reading