හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත.

පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා ගියේය.