ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව 2022: ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රථම සංචාරක හා සංස්කෘතික අගනුවර බවට වාරනාසි පත් වේ.

2022-2023 වර්ෂය තුළ ඉන්දියාවේ වරනාසි නගරය පළමු ෂැංහයි සහයෝගිතා සංවිධානය සංචාරක සහ සංස්කෘතික අගනුවර ලෙස නම් කර ඇත. සිකුරාදා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වන රැස්වීමේදී මේ බව ප්‍රකාශ කෙරිණ. මේ බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ද මාධ්‍ය හමුවේදී හෙළි කළේය. 2022-23 තුළ පළමු වරට ෂැංහයි සහයෝගිතා සංවිධානය සංචාරක සහ සංස්කෘතික අගනුවර ලෙස …

Continue Reading

අගමැති මෝදි සහ ඉරාන ජනාධිපති රයිසි බලශක්තිය, වාණිජ්‍යය සහ සම්බන්ධතාවය පිළිබඳ සාකච්ඡා කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සිකුරාදා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුවට සහභාගී වීය. එම සමුළුවට සමගාමීව දෙරටේ නායකයන් අතර පැවැති හමුවකදී බලශක්ති, වෙළඳාම සහ සම්බන්ධතා මෙන්ම ඇෆ්ගනිස්ථානය ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කළහ. 2021 දී ඉරානයේ ජනාධිපති ධූරයට පත් ඉබ්‍රාහිම් රයිසි හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර පැවති පළමු හමුව ද මෙය විය. …

Continue Reading

රුසියානු ජනාධිපති පුටින් හමුවීමේදී ඉන්දීය අගමැති මෝදි යුක්රේනයේ සතුරුකම් නතර කරන ලෙස ඉල්ලා සිටියේය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 22 වැනි සැසිවාරයට සමගාමීව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවිය. එම හමුවේදී අගමැති නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ සතුරුකම් ඉක්මනින් නතර කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන්දීය අගමැති කාර්යාලය පැවසූයේ සංවාදයේ සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ අවශ්‍යතාවය පිළිබඳ සිය ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බවයි. එමෙන්ම යුක්රේනයේ පවතින තත්ත්වය පිළිබඳ මෙන්ම සියලු ආකාරයේ ගැටුම් …

Continue Reading

ඉන්දීය නාවුක හමුදාවේ අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව ගිනියා බොක්කෙහි නයිජීරියානු නාවික හමුදාව සමඟ අභ්‍යාස කරයි.

ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව ගිනියා බොක්කෙහි මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුමක නිරත වේ. මෙම නෞකාව නයිජීරියානු නාවික හමුදා මුර සංචාර නෞකා සමඟ ඒකාබද්ධ සමුද්‍ර අභ්‍යාසයකට ද සහභාගී විය. මේ පිළිබඳව දන්වමින් ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම් සඳහා ගිනියා බොක්කෙහි හි මුර සංචාර නැව් වන එන්.එන්.එස් කැනෝ,ඔසුන්,සොකෝටෝ සහ …

Continue Reading

ඉන්දියාව මේ වසරේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ඉහළම වර්ධනයක් දකිනු ඇත: ඉන්දීය අගමැති මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුවේදී කියයි

ඉන්දීයාව මේ වසරේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ඉහළම වර්ධනය පෙන්වීමට හැකි වන බව උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති 22 වැනි ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.ඉන්දියාව නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ප්‍රගතිය ගැන සඳහන් කරමින් ඔහු අවධාරණය කළේ ඉන්දියාවේ ආර්ථිකය මේ වසරේ සියයට 7.5කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරණ බවයි. ආරම්භක සහ නවෝත්පාදන සමඟින් ඉන්දියාවේ සාර්ථකත්වය ඉස්මතු කිරීමට …

Continue Reading

චීටා නැවත ඉන්දියාවට: ඉන්දීය අගමැති මෝදි මධ්‍ය ප්‍රදේශ් හි කුනෝ ජාතික වනෝද්‍යානයට චීටාවන් නිදහස් කිරීමට යයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් දිනය වන සැප්තැම්බර් 17 දින නැමීබියාවේ සිට ගෙන එන ලද චීටාවන් මධ්‍ය ප්‍රදේශ් හි කුනෝ ජාතික වනෝද්‍යානයට මුදා හරිනු ඇතැයි වාර්තා වේ. ලොව වේගවත්ම ගොඩබිම් ක්ෂීරපායී සත්වයා ලෙස සැලකෙන චීටා – 1952 දී ඉන්දියාවෙන් වඳ වී ගිය බව ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ කුනෝ ජාතික වනෝද්‍යානයේ වල් චීටාවන් මුදා හැරීම …

Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ රජු ජිග්මේ කේසර් නම්ග්යෙල් වංචක් නවදිල්ලියේ දී හමුවෙයි.

භූතානයේ රජු වන ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් ඉන්දියාවේ සංචාරයක නිරත වේ. ඔහු නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය. මෙම සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ඉන්දීය භූතාන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ නායකයන් මෙම හමුවේදී ඉතා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි. ඉන්දියාව සහ භූතානය අතර සබඳතා හැඩගැස්වීමේදී අනුප්‍රාප්තික ඩ්‍රූක් ග්‍යාල්පොස් විසින් සපයන ලද …

Continue Reading

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු එක්සත් රාජධානිට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට සහ ඉන්දීය රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට සැප්තැම්බර් 17 සිට සැප්තැම්බර් 19 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් වෙත සංචාරය කරන බවයි. 96 හැවිරිදි වියේ පසු වූ දෙවන එළිසබෙත් රැජින සැප්තැම්බර් 8 වන දින ස්කොට්ලන්තයේ බල්මෝරල් මන්දිරයේ ගිම්හාන මන්දිරයේදී අභාවයට පත් විය. දෙවන එළිසබෙත් …

Continue Reading

කකාඩු-2022 බහුජාතික නාවික අභ්‍යාසය සඳහා සහභාගී වන අයි.එන්.එස් සත්පුර, P8Iගුවන් යානා සමුද්‍ර මුර සංචාර සිදුකරයි.

ඉන්දියානු නාවික හමුදාව විසින් දේශීයව නිර්මාණය කර ගොඩනගා ඇති ස්ටෙල්ත් නෞකාව වන අයි.එන්.එස් සත්පුර සහ P8I සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයක් සඳුදා සැප්තැම්බර් 12 ඕස්ට්‍රේලියාවේ ඩාවින් වරාය වෙත ළඟා විය. ඔවුන් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද කකාඩු–2022 ජාත්‍යන්තර අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියා පැමිණ ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාවේ සහභාගී …

Continue Reading

ඉන්දියාව යුක්රේනයට ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළත් මානුෂීය ආධාර 12 වැනි තොගය නැව්ගත කරයි.

ඉන්දියාව සඳුදා 12 වන මානුෂීය සැපයුම් තොගය යුක්‍රේනයට භාර දුන්නේය. රුසියාව සමඟ පවතින ගැටුමේදී යුක්රේනයේ ජනතාවට උපකාර කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම ආධාර තොගය යුරෝපීය රටට භාර දී ඇත. කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය පැවසූයේ ආධාර තොගය අත්‍යාවශ්‍ය ඖෂධ සහ රක්තපාත වෙළුම් පටි ඇතුළු වෛද්‍ය උපකරණ වලින් මෙම තොගය සමන්විත වූ බවයි. මෙම මානුෂීය ආධාර තොගය යුක්‍රේනයේ ඉන්දීය තානාපති හර්ෂ් …

Continue Reading