ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව ගිනියා බොක්කෙහි මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුමක නිරත වේ. මෙම නෞකාව නයිජීරියානු නාවික හමුදා මුර සංචාර නෞකා සමඟ ඒකාබද්ධ සමුද්‍ර අභ්‍යාසයකට ද සහභාගී විය.

මේ පිළිබඳව දන්වමින් ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ,

අයි.එන්.එස් ටර්කාෂ් නෞකාව මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම් සඳහා ගිනියා බොක්කෙහි හි මුර සංචාර නැව් වන එන්.එන්.එස් කැනෝ,ඔසුන්,සොකෝටෝ සහ එන්ගුරු සමග මෙහෙයුමකට යොදවා ඇති බවයි.

මෙම අභ්‍යාසය ඉන්දියානු සහ නයිජීරියානු නාවික හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලබා දුන් බව ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල මාධ්‍ය නිවේදනය පවසයි.

මීට අමතරව, එය මුහුදු කොල්ලකෑම් වලට එරෙහිව ක්‍රියා කිරීම සහ සමුද්‍ර තහනම් මෙහෙයුම් සඳහා හැකියාවන් වැඩිදියුණු කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ සමුද්‍රීය තහනම් කිරීම් සහ මුහුදු කොල්ලකෑම් ව්‍යාර්ථ කිරීමේ මෙහෙයුම් සඳහා කුසලතා වැඩි දියුණු කිරීමට උපකාරී වූ බවයි.

මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම්, විපතට පත් යාත්‍රාවලට සහාය වීම, සෙවීම සහ මුදාගැනීමේ අභ්‍යාස මෙන්ම ගුවන් විරෝධී සහ මතුපිට විරෝධී මෙහෙයුම් වැනි විවිධ සමුද්‍ර මෙහෙයුම්වලදී ඉන්දියානු සහ නයිජීරියානු නාවික හමුදා අතර සහයෝඝීතාව ශක්තිමත් කිරීමට මෙම අභ්‍යාසය මහෝපකාරී විය.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ නයිජීරියාව සහ ඉන්දියාව ගිනියා බොක්කෙහි මුහුදු කොල්ලකෑම් විරෝධී ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්ව ක්‍රියාකාරීව යෙදවූ පළමු අවස්ථාව සනිටුහන් කරන බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්