ගැටළුවලට විසඳුම් සෙවිය හැක්කේ තරුණ වැඩිහිටි මිශ්‍ර පාර්ලි‍මේන්තුවකින්

Spread the love

දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුව බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

සියයට සීයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හෝ සියයට සීයක් තරුණ පාර්ලිමේන්තුවකින් පවතින ගැටලුව විසඳිය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ සඳහා තරුණයන් සහ වැඩිහිටියන්ගේ මිශ්‍රණයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts