භූතානයේ රජු වන ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් ඉන්දියාවේ සංචාරයක නිරත වේ. ඔහු නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය.

මෙම සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ඉන්දීය භූතාන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ නායකයන් මෙම හමුවේදී ඉතා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

ඉන්දියාව සහ භූතානය අතර සබඳතා හැඩගැස්වීමේදී අනුප්‍රාප්තික ඩ්‍රූක් ග්‍යාල්පොස් විසින් සපයන ලද මාර්ගෝපදේශක දැක්ම සඳහා අග්‍රාමාත්‍ය මෝදි සිය ප්‍රශංසාව ද පළ කළේය.

මෙම හමුව පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සමීප සහ අද්විතීය ඉන්දීය භූතාන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා භූතානයේ රජු සමඟ උණුසුම් හමුවක් පැවැත් වූ බවයි. අනුප්‍රාප්තික ඩ්‍රූක් ග්‍යාල්පොස් විසින් සපයන ලද මාර්ගෝපදේශක දැක්ම තමා අගය කරන බව ඔහු පැවසීය.

භූතානය ජාත්‍යන්තර සූර්ය සන්ධාන රාමු ගිවිසුම අනුමත කිරීමෙන් දිනකට පසුව මෙම හමුව සිදුවිය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ ඉන්දියාවේ භූතාන තානාපති මේජර් ජෙනරල් වෙට්සොප් නම්ග්යෙල් විසින් ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ රාමුව පිළිබඳ සහතික කිරීමේ ගිවිසුම භාර දෙන ලදී.මෙම අවස්ථාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් දම්මු රවී ද එක් විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්