දිස්ත්‍රික්ක 05ක් සඳහා නාය යෑමේ නිවේදන…!

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. බදුල්ල ,මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල,දෙහිඕවිට …

Continue Reading

මුදල්, බාර් පර්මිට් දී මන්ත‍්‍රීවරුන් බා ගන්න හදනවා..- සජිත්

සුරාසැල් බලපත්‍ර, මුදල් ආදිය දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගින් ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තම කණ්ඩායමේ කිසිවෙකු මුදලට වරප්‍රසාදවලට යටවී එම දූෂිත දේශපාලනයට එක් නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය. මොණරාගල ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Continue Reading

අවසර දුන්නත් ජපාන වාහන ලංකාවට ආනයනය අවුලක.. ජපාන බැංකු LC පිලි නොගනී..

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට රජයේ තීරණයක් ගත්තත් එම දිනයේ සිට මෙරටට වාහන ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ජපාන වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පෙන්වා දෙන්නේ ලංකාවෙන් නිකුත් කරන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතියට ශ‍්‍රී ලංකාවෙන් මේ වන විටත් උපදෙස් ලැබී ම ඇති නිසා එම තීරණය අත්හිටුවීමට යම්කිසි කාලයක් …

Continue Reading

පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි..

චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කරයි. එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා වන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඇය මේ අදහස් පළ කරන ලදී.

Continue Reading

ලාංකිකයන් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වෙත..!

රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු …

Continue Reading

සජිත්ට දුරකතනය අහිමිවෙයි..? SJB ජංජාලයක… සේනක උසාවියට.. (Video)

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා’යැයි පවසන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන …

Continue Reading

යුද්ධයේදී මියගිය හා ආබාධිත සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ට 55න් පසු වැටුප තවදුරටත්…!

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට. යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55‍ සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිගන්වන ලද අතර, මේ වන විට වයස …

Continue Reading

මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි..!

රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයක් යටතේ අනාගතය වෙනස් වේ යයි කෙසේ විශ්වාස කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹදී පවත්වන ලද විද්වත් සංවාදයක් අමතමින් ඔහු මේ බව කියා …

Continue Reading

ආර්ථික අර්බුදයත් සමගින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…!

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය. කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතිබව වැඩිදුරටත් පැවසීය

Continue Reading

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය ඉන්දියාවට…!

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතිබව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ මේවන විට කැදවා තිබේ. එහිදී එක් අභිලාශ යෝජනාවක් පමණක් ලැබී තිබේ. ඒ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කළ බව පැවසීය. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා …

Continue Reading