නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය එකහෙළාම විරුද්ධ වෙයි

Spread the love

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසකට පෙරේදා(02) පස්‌වරුවේ දන්වා සිටියේය.

අස්‌ගිරි මහා විහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්‌ථාවේ මෙසේ මහා විහාරයේ ස්‌ථාවරය දන්වා සිටින ලදී.

නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීමට යැමේ එක්‌ අරමුණක්‌ වන්නේ බෙදුම්වාදයට ඉඩ සැලසීමත්, පවතින ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්‌ථානය අහිමිකිරීමටත් බව තම පාර්ශවයේ විශ්වාසය යෑයි මහානායක ස්‌වාමීන්ද්‍රයන් ප්‍රධාන සංඝරත්නය අවධාරණය කළහ.

ඉදිරිපත් කිරීමට සැලසුම් කරන නව ව්‍යවස්‌ථාවකින් ජනාධිපති බලතල කප්පාදු කිරීමක්‌ සිදුවුණොත් එය රටේ ඒකීයභාවය ඇතුළු වැදගත් අංශ කීපයක්‌ කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවන බවත්, එමගින් බෙදුම්වාදයට පහසුවෙන් ඉඩකඩ සැලසෙන බවත් නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්හ.

යෝජිත නව ව්‍යවස්‌ථාවේ තවත් අරමුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ පැවති බෞදධ පරිසරයටත්, ඒකීය භාවයටත් හානි කරමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට යෑයි පෙනී යන බවත් උන්වහන්සේ නියෝජිත පිරිසට පෙන්වා දුන්හ.

රට, ජාතිය හා බුද්ධ ශාසනය ශත වර්ෂාධික කාලයක්‌ ආරකෂා කළ මුර දේවතාවුන් ලෙස සැලකෙන භික්‌ෂූන් වහන්සේගේ කිසිදු නියෝජිනයක්‌ නොමැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සාකච්ඡාවක්‌ පැවැත්වුණු බව පැවසූ නායක හිමිපාණන් වහන්සේ එම සාකච්ඡාවට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරුන්ට නම් අවස්‌ථාව ලැබුණු බව පෙන්වා දුන්හ.

මැතිවරණ පනත සංශෝධනයකට තමන් වහන්සේ විරුද්ධත්වයක්‌ නොමැති බවද, නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය විරුද්ධ වන්නේ කුමන හේතූන් මතද යනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දක්‌වා සිටීමට පියවර ගන්නා බවද කාරක මහා සංඝ සභාව දන්වා සිටියේය.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී Æණරතන මහ නාහිමි, අනුනායක ආණමඩුවේ ධම්මදස්‌සි නාහිමි, මහියංගණ රාජමහා විහාරාධිකාරි උරුලෑවත්තේ ධම්මරක්‌ත නාහිමි, අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු නාහිමිවරු මෙහිදී කරුණු දක්‌වා සිටියහ.

බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්‌සි, බලංගොඩ සෝභිත යන නාහිමිවරුද, නීතිඥ මනෝහර ද සිල්වා, ප්‍රනීත් අබේසුන්දර, වෛද්‍ය අනුලා විඡේසුන්දර සහ මහාචාර්ය හේමා ගුණතිලක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදුටුවහ. එම අවස්‌ථාව මාධ්‍යයට විවෘත නොවීය.

[youtube EoRy_C4aPwY]

RSL

Related Posts