පහේ කල්ලියට එරෙහිව අර්ජුන හයේ පහරකට සැරසෙයි!

Spread the love

දැනට පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා යවා ඇත.

පසුගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා ඇත.

උදාල ලිපියේ පිටපත් මලික් සමරවික‍්‍රම රවී කරුණානායක සාගල රත්නායක හා කබීර් හෂීම් යන ඇමැතිවරුන්ටත් එම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට හා ජනාධිපති ලේකම් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් වෙතද යොමු කර තිබේ.

ඇමති රණතුංග පෙන්වා දෙන්නේ අවුරුදු 99 ක සහන කාලය අඩු විය යුතු අතර ව්‍යාපෘති කාල සීමාව අවසානයේදී නිශ්චල දේපල කිසිදු ගෙවීමකින් තොරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැවත බාර දිය යුතු බවයි.

හම්බන්තොට වරායේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් ලෙසට ඉගි කෙරෙන වාක්‍ය ගණනාවක් යෝජිත ගිවිසුමේ පවතින අතර එය ඉවත් කළ යුතු බවත් ඇමතිවරයා පවසයි.

RSL

Related Posts