ඇලෝසියස්ගේ අරක්කු සමාගම කෝටි 38ක බදු පැහැර හැරලා

Spread the love

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සිය මත්පැන් නිෂ්පාදනාගාරවලින් පසුගිය ජූලි 15දා වන විට රුපියල් කෝටි 38ක් සුරාබදු ගෙවීම පැහැර හැර ඇති බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

එම පැහැර හැර ඇති බදු මුදල අද (31දා) වන විට රුපියල් කෝටි 60කට ආසන්න වනු ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි.

සමරසිංහ මහතා පවසන්නේ 2017 ජුනි 30දා වන විට රුපියල් කෝටි 18ක්ද, 2015 ජූලි 15දා වන විට රුපියල් කෝටි 38ක්ද ඒ අනුව නොගෙවා ඇති අතර සුරා බදු ගෙවීමේ ක්‍රමවේදය අනුව දින 15න් 15ට අදාළ බදු මුදල් රජයට ගෙවීම අනිවාර්යය බවයි.

එසේ බදු මුදල් පැහැර හරිමින් සිටින මොහොතක සුරාබදු කොමසාරිස්වරයා එකී මත්පැන් නිෂ්පාදනාගාරවල කල් ඉකුත් වූ බලපත්‍ර නැවත ලබාදීමට ඉඩ සලසා ඇති බවත් අද (31දා) වනවිට එම බලපත්‍රයද අවලංගු වීමට නියමිත බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

රජයේ මැති ඇමැතිවරුන්ගේ ආශීර්වාදය මත මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරගෙන යෑමට ඉඩදී ඇතැයි චෝදනා කරන ඒ මහතා ඊට හොඳම උදාහරණය ඇමැති රවි කරුණානායකට අර්ජුන් ඇලෝසියස් විසින් ලබාදුන් සුපිරි නිවාසය පෙන්වා දිය හැකි බව කියයි.

RSL

Related Posts