ගුරුවරිය දණ ගැස්‌සවූ පාදඩයාට ශ්‍රීලනිප සංවිධායක ධුරයක් දීමට එරෙහිව ගුරු සංගමය සටනට බසී

Spread the love

ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නව ආසන සංවිධායක ලෙස පත්කර සිටින නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර නැමැත්තාව එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත.

ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා ප්‍රියානි හේරත් මහත්මිය පාසලේදී දණ ගස්‌වනු ලැබූ අතර එම සිද්ධියට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා අධිකරණයේදී වරදකරු විය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයම කැළඹීමට ලක්‌ කළ එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට ආසන සංවිධායක ධුරයක්‌ ලබාදීම යහපාලනයෙන් අපේක්‍ෂා කළ නොහැක්‌කක්‌ යෑයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවැසීය.

කොළඹ ගුරු මැඳුර ශාලාවේ ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ස්‌ටාලින් මහතා මෙය අධ්‍යාපන ක්‍ෂේත්‍රය කෙරෙහි කිසිදු අවධානයක්‌ යොමු නොකරමින් ගත් ක්‍රියා මාර්ගයක්‌ යෑයි ද කියා සිටියේය.

අට වසරකට අත්හිටවූ සිරදඬුවමකට ලක්‌ කර සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් චෝදනා නොමැති බව ඇමැති මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය හෙළා දකින බවද පැවසූ ස්‌ටාලින් මහතා ආනන්ද සරත් කුමාර නමැත්තා එම ධුරයෙන් ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමුවන බවත් සඳහන් කළේය.

Loading...

RSL

Related Posts