මැතිවරණයක් තුලින් අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

Spread the love

රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති.

සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය.

එහිදී අදහස් දැක්වමින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක සාධකය මැතිවරණයකට ගොස් ජනතාවට මෙම අර්බූදය විසඳීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

තව ද උන්වහන්සේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වන එහිදී ප්‍රකාශ කළහ.

“අපිටවත් කනගාටුයි රටේ ජනාධිපතිතමා රටේ අගමැතිතුමාගෙයි රටේ පක්ෂනායකතුමාගෙයි කථානායකතුමාගැන මේ වගේ වැදගත් ප්‍ර‍‍බූවරුන් පිලිබදව අපිට දකින්නට ලැබෙන දේවල් දැක්කහම ආගමික නායකවරු වශයෙන් ඇත්තවශයෙන්ම ඉන්න බැරි කැක්කුමක් ඇතිවෙනවා. පහුගිය ටිකේ වෙච්චදේවල් දැක්කානේ කියන්න තරම් පිළිකුල් ඒ නිසා අපි කියන්නේ ගරු ජනාධිපතිතුමාටත් මේ නායකවරුන්ගෙන් ඉල්ලුම් කරන්නේ එකතුවෙලා සාකච්ඡාවක් කරලා මහජනතාවට මේක භාර දෙන්න. ඒක තමයි ඡන්ද විමසීමක් කිරීම එතකොට මහජනතාවට මේ දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න පුලුවන් අවශ්‍ය වුනොත් කරුනු ඒ ජනතාව දෙන තීරණය තමයි ප්‍ර‍ජාතන්තවාදය කියන්නේ”

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදීනල් රංජිත් හිමිපාණන් ද මෙම ප්‍රවෘත්ති සාකඡාවට එක්ව සිටි අතර උන්වහන්සේ එහිදී පැවසුවේ, උද්ගතව ඇති අර්බූදය නුදුරු අනාගතයේදී ම විසඳනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

“බලාපොරොත්තුවෙනවා නුදුරු අනාගතයේදීම හැකි ඉක්මනින් ජනාධිපතිතුමා දැන් අගමැතිධුරය සදහා ප්‍ර‍්ණයක් මතුවෙලා ඉන්න දෙපල ඒ වගේම කථානායකුතාම සමග හමුවී ආගමික නායකත්වයෙන් සාකච්ඡා කරන්නට එකම තැනකදී සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා..”

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් මෙහිදී අවධාරණය කර සිටියේ, උද්ගතව ඇති තත්ත්වය සාමකාමී ජනතාවක් ජීවත් වන අප රටට නොගැළපෙන බව ත් උද්ගතව ඇති තත්ත්වය කඩිනමින් වෙනස් විය යුතු බවත් ය.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එම්.එෆ්.එම්.හරූත් මව්ලවිතුමා ජනපති ඇතුළු සියලු නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ව්‍යවස්ථානුකුලවත් නීත්‍යනුකූලවත් යහපත් පාලනයක් බිහි කිරීම සඳහා සෑම කෙනෙකුම කැපවී ක්‍රියාකරන ලෙසයි.

“ජනාධිපතිතුමා ඇතුලු පක්ෂ නායකයින් ඒ වගේම ආණ්ඩුව විපක්ෂය ඇතුලු සියලුම මැති ඇමතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනනේ මේ රට තුළ අද පවත්නා වු මේ ප්‍ර‍ශ්නය නිම කරමින් ව්‍යවස්ථානුකුලවත් නිත්‍යානුකුලවත් තිබෙන්නා වු යහපත් පාලනයක් බිහි කිරීම සදහා සෑම කෙනෙක්ම කැපවී ක්‍රියාකරන ලෙසයි”

RSL

Related Posts