අකිල විරාජ්ගේ සැබෑ වෙනස මෙන්න!
- RSL
- February 10, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka education
- 0 Comments
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පත්වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. දිවයින පුරා ජාතික පාසල්වලට ලබා දී ඇති මේ අනධ්‍යයන සේවක පත්වීම් සියල්ල ම පාහේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ලබා දී ඇති බව වැඩිදුරටත් සොයා බැලීමේ දී පෙනී යයි.
සමහර කම්කරු පත්වීම් ලද අයවලුන් දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස උසස්වීම් ලබා ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ විසඳීමට බොහෝ ගැටලු තිබිය දී තම දේශපාලන මඩිය තර කරගන්නා මෙවැන්නන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඇමැත්තන්ගෙන් වෙනස් වෙන්නේ නැත. යහපාලනය, යහපාලනය කියා බෙරිහන් දෙමින් මහින්ද ක්‍රමයට ම වැඩ කෙරෙන බව පෙනී යයි.
පරණ වයින් ම අලුත් බෝතල්වල දමා ඇත.
