සජිත්ට ඕලෙවල් නැති බව අජිත් පී පෙරේරාම ප්‍රසිද්ධියේ කියන්න පටන් ගනී (වීඩියෝ)
- RSL
- July 23, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Sajith Premadasa
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය.
සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සජිත්ගේ ගැලවුණු රෙදි ඇන්දවීම වෙනුවෙන් අජිත් පී පෙරේරා අවසානයේ කීවේය. එහෙත් අපොස සාමාන්‍ය පෙළවත් නැතිව සජිත් ප්‍රේමදාස නම් අයවලා විසින් එවැනි උපාධියක් ලබාගත්තේ කෙසේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී සජිත් ප්‍රේමදාසගේ රෙදි අපුල්ලන්න ගිය අජිත් ජී පෙරේරාට ඇප නැති විය.

