ජනාධිපති සිහින දකින්නෙකු එංගලන්තයේ කුණු ලංකාවට ගෙනාවේ 2013 ගැසට්ටුවෙන්

Spread the love

එංගලන්තයේ සිට ශී‍්‍ර ලංකාවට කුණු ගෙන්වා ඇත්තේ 2013.07.11 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය යටතේ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම එංගලන්තයේ කුණු කන්ටේනර් ලංකාවට ආනයනය කිරීමේ ජාවාරම පිටුපස මෙරට ජනාධිපති වීමේ සිහින දකින අපේක්ෂයෙකු සහ ඔහුගේ කුප්‍රකට සමාගමක් වන බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි.

2013.07.11 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය උපයෝගී කරගෙන ඩොලර් මිලියන දෙකක ආයෝජනයක් කළ විට ඕනෑම කුණු ගොඩක් ආනයනය කිරීමට හැකියාව ඇති බවත් ඒ සඳහා ආනයන අපනයන පාලනයට යටත් නොවී රේගු පරීක්ෂාවකින් තොරව සහ විනිමය පාලන රෙගුලාසිවලට යටත් නොවන ලෙස යන ආකාර තුන යටතේ කුණු ආනයනය කිරීමට හැකියාව ලබාදී ඇති බවත් ශී‍්‍රලනිප මහ ලේකම්වරයා සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසූවේ ඊයේ (23) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 ඒ අනුව 2017 ඔක්තෝබර් මාසයේ සිට 2018 ජනවාරි දක්වා අදාළ සමාගම් හරහා අවස්ථා 12 කදී කන්ටේනර් 130 ක මෙටි‍්‍රක් ටොන් 2497 ක් ආනයනය කර ඇති බව පැවසූ මහ ලේකම්වරයා මේ අන්දමට කුණු ආනයනය කිරීම නැවැත්වීමටත් එම කන්ටේනරවල කසළ නැවත එංගලන්තයට යැවීම සඳහා කටයුතු කරන ලෙස පරිසර අධිකාරිය වෙත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ද උපදෙස් දී ඇති බව ද කීවේය.

RSL

Related Posts