අජන්තා ඔබට සුබ ගමන්!
- RSL
- February 28, 2016
- විශේෂාංග
- Sri Lanka Music
- 0 Comments
මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි.
කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි පෙළක් මෙරට සතු නොවීම යි.
අජන්තා රණසිංහ යනු සිංහල කලා අවකාශයේ කිසිදා මගහැර යා නොහැකි තවත් වටිනා සලකුණකි. පුවත්පත්කලාවේදියෙකු, සාහිත්‍යධරයෙකු, ගීත රචකයෙකු ලෙස ඔහුගේ මැදිහත්වීම අනුපමේය වේ. “සිරිමා බෝ මැඩ, රන් කෙන්දෙන් බැඳ, විකසිත පෙම් පොකුරු පියුම්, රෑ පැල් රකින…” ආදී රසික සම්භාවනාවට පත් ගීත රාශියක් එතුමන්ගේ පෑන් තුඩගින් බිහි වි ය.
රීඩ් ශ්‍රී ලංකා කර්තෘ මණ්ඩලය සහ කළමනාකාරිත්වය අපේ සොව මෙසේ පළ කරමු.
