කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර වේ.
- Editor
- September 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

