ඉන්ධන නෞකා සම්බන්ධයෙන් බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

Spread the love

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම ඊයේ (16) ආරම්භ කර තිබෙනවා.

එසේම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගය ගොඩබෑම අද (17) අවසන් කිරීමට නියමිතයි.

තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් සඳහා අදාළ ගෙවීම් සිදු කිරීම් පසු නිදහස් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts