කොරෝනා පාලනයට අලුත් ගැසට් එකක්
- Editor
- August 10, 2021
- පුවත් සහ වාර්තා
- feature
- 0 Comments
මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද (10) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර සංචරණ සිමා රජය විසින් ඊයේ (10) යළි පනවනු ලැබුවේය.

