කොවිඩ් ආසාදිතයින් ගණන 1000 පනී – වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද
- Editor
- April 27, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම අද (27) වාර්තා වුණා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,472ක් බවට පත් වුණා.
මේ අතර වර්තමානයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් කොළඹින් පිටතින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍ර භේදය තරුණයින් වෙත වඩාත් අනතුරුදායක බවයි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කොළඹින් බැහැර ජනතාව මුහුණු ආවරණ පැළදීමට යම් මැලිකමක් දක්වන බවයි.

