ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යන අතරේ රථ ගාල් මතත් තාවකාලික ආදාහනාගාර ඉදි කෙරෙයි

Spread the love

කොරෝනා වෛරස් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග මතුව ඇති දැඩි සත්කාර ඇඳන්, ඖෂධ සහ ඔක්සිජන් හිඟය හමුවේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත. සඳුදා (අප්‍රේල් 26) පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 352, 991 ක් වාර්තා වූ අතර එය ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

මේ අතර මරණයට පත් වූවන් ආදාහනය කිරීමට ප්‍රමාණවත් ඉඩ නොමැති බැවින් ඒ සඳහා දිල්ලි නගරයේ තාවකාලික ස්ථාන ඉදිවෙමින් පවතී. ඉන්දියාව මුහුණ දී සිටින ව්‍යසනකාරී කෝවිඩ් දෙවෙනි රැල්ල ආරම්භ හමුවේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. සඳුදා (අප්‍රේල් 26) දිල්ලි අගනුවරින් පමණක් මරණ 380 ක් වාර්තා විය.

රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්, දැඩි සත්කාර ඇඳන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම්වල හිඟයක් පවතී. පසුගිය දින කීපය තුළ පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ලඟා වේ

අඟහරුවාදා (අප්‍රේල් 27) රෝගීන් 323,144 ක් වාර්තා වූ අතර සඳුදා එහි ඉහළම අගය, එනම් රෝගීන් 352,991 ක් වාර්තා විය. ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අඟහරුවාදා වාර්තා වූ රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් රෝගීන් සහ මරණයට පත් වූවන් මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ලබන බව විශ්වාස කෙරේ.

පසුගිය සතිය තුළ මරණයට පත් වූ 1,150 දෙනෙකු පමණ දිල්ලි නිල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී නොමැති බව එරට NDTV රූපවාහිනී සේවය කළ ගවේෂණයකින් අනාවරණය වී තිබේ. රට පුරා සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට ඇති බවට ඒ හා සමාන තවත් ගවේෂණ මගින් පෙනෙන්නට තිබේ.

Platforms being built outside the Sarai Kale Khan crematorium
ඇතැම් ආදාහනාගාර තුළ දිවා රෑ මළ සිරුරු පිළිස්සෙනු දැකිය හැක

ආදාහනාගාර සේවකයන් රාත්‍රිය පුරා සිරුරු පිළිස්සීමේ කටයුතුවල යෙදෙන අතර දර සැකසීමට සහ සෙසු කටයුතු සඳහා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ද සහාය ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ. දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී. සිය සමීපතමයන් ආදාහනය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා බොහෝ විට පවුලේ ඥාතීන්ට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත.

Text by bbc

Related Posts