දේශපාලන දඩයමේ යන ගෝඨාගේ ආණ්ඩුව ඉල්ලන් කයි! හිටපු ඇමති රාජිත ඇපමත නිදහස් කරන්න දුන් නියෝගය දෙරණින්ම බලන්න (වීඩියෝ)
- RSL
- December 31, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- judges
- 0 Comments
ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන කයි කතන්දර කීවද ඔහු අප එදා පැවසූ හිට්ලර් පන්නයටත් එහා යන්නෙකු බව ඔහු විසින්ම ඔප්පු කරමින් සිටින්නේ ජනාධිපති ගෝඨාභය පත් වූ දා සිටිම ඔහුට අභියෝග කළ ඔහු විවේචන කළ ඔහු අකමැති දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඇස් පනා පිට සිදු කරමිනි. බලය ලද පළමු මාසයේදීම හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්නට එරෙහිව සිදුකළේ දේශපාලනික දඩයම් බව අධිකරණය ඔවුන්ට ලබා දුන් ඇප තීන්දු අධ්‍යයනය කිරීමෙන් අපට පෙනී යයි. මෙහිදි අධිකරණයේ ස්වාධීනත්වය සමබ්න්ධයෙන් අප අධිකරණයට තුති පුද කළ යුතුය.
සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අත්අඩංගුවට පත්ව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(30) නියෝග කළේය.
ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් හා තවත් ඇප කොන්දේසි කිහිපයක් යටතේයි.
ඊයේ(30) හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සිදුකළ අදහස් දැක්වීම සහ මතු කළ කාරණා අධ්‍යයනය කිරීමෙන් කිසිඳු පදනමක් නොමැතිව රජයේ පාර්ශවය රාජිත සේනාරත්නව ඉලක්ක කරමින් සිදුකළ දේශපාලන දඩයමේ තරම මනාව අවබෝධ කරගත හැක. එය පහත වීඩියෝවේ අන්තර්ගත වේ.

