බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක් මුදුන්පමුනුවා ගැනීම වෙනුවෙන් මෙවැනි යම් සැලසුමක නිතරවන්නේ ද යන්න සැකය ඉස්මතු වේ. යම් හෙයකින් එසේ වුවහොත් කෙටි කාලයක් තුල දේශපාලන වෙනස්කම් රැසක් සිදුවනු ඇතිබවට මේ වන විට ඉඟි පලවෙමින් තිබේ.
තමාගේ ආණ්ඩුවට ලොකුම හූනියම සිදු කළ එම මහ බැංකු අධිපති මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලූ කඩදාසි සකස් කර අවසන් බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මහබැංකු බැඳුම්කර වංචාවේ වගඋත්තරකරුවන් වහා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම නතර කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජනාධිපතිවරයා කීය.
කොළඹ මහ නගර සභාවේ සිට රටේ පළාත් පාලන ආයතනවලින් සියයට 90 ක් අන්ත දූෂිත බවත් ඒවා අයත් ආණ්ඩුවත් විපක්ෂයත් එම ආයතනවල දූෂණ වැළැක්වීමට කිසිදු පියවරක් ගන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කිසිවක් කළ නොහැකි පුද්ගලයකු බවත් 2020 දී රට භාර ගන්නේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ නිසා ශ්‍රිලනිප ඉදිරි මැතිවරණයේදී උනන්දු විය යුත්තේ ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට නොව අගමැතිවරයෙකු පත් කර ගැනීමට බවත් කවුරුන් කුමක් කීවත් 2020 දී රජය පිහිටුවනු ලබන්නේ ශ්රීලනිපය බවත් ජනාධිපතිවරයා පැවසීය.
සුපුරුදු පරිදි මැතිවරණය ළංවන විට ආණ්ඩුවේ නායකයන් ඡුන්ද කඩා ගැනීමට උතුරේ දේශපාලන නායකයන් සමග සාකච්ඡුා ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා කීය.