
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වැඩ පෙන්වන ලෙස පක්ෂයෙන් සජිත්ට භාරදුන් අභියෝගය කොයි කාගේත් අවධානයට ලක් වී ඇත . තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට කදිම අවස්ථාවකි.නමුත් සජිත් මේ දක්වා ඒ පිලිබදව වචනයක් කථා කොට නැත. 2014 ඌව පළාත් මැතිවරණය සමයේද සජිත් නායකත්වය ඉල්ලා අරගල කළේය. එහිදී පළාත් සභාව දිනවා පෙන්වන ලෙස පක්ෂයෙන් ඔහුට අභියෝගයක් භාර දුන්නේය . නමුත් සජිත් ඉන් ලිස්සා ගියේය . පළමුව නායකත්වය දිය යුතු බවත් දෙවනුව ඌව මැතිවරණය බවත් සජිත් කියා සිටියේය. සජිත් ඌව මැතිවරණය පලාතේ ආවේ නැත. ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ ඌව මැතිවරණ පෙරළියේ රහස එ.ජා.ප නායකත්ව මණ්ඩලය විය . සජිත් එයද වර්ජණය කළේය.
කරු සහ සජිත් අතර වෙනස
1996 වසරේ මෙවැනිම අභියෝගයක් කරුට ලැබුනේය. කොළඹ නගර සභාව දිනවා පෙන්වන ලෙස පක්ෂය කරුට කීවේය. ඒ වන විට චන්ද්‍රිකා 62% ජනාකන්ත නායිකාවක ලෙස වැජඹුනාය .අභියෝගය බාර ගත් කරු අපූරු පෝස්ටරයක් වූයේය. “ආවොත් කරු පායයි හිරු”. කොළ පාට පසුබිමේ කහ පාටින් ලියැවී තිබූ ඒ වචන ටික තිතට වැඩ කළේය. කරු චන්ද්‍රිකාගේ දිස්නය සහ කාන්තිය සොරා ගත්තේය. නිල් පැහැගත් කොළඹ කරු කොළ පැහැයට හැරවූයේය .කරු කොලොම්පුර සටන ජයග්‍රාහීව අවසන් කළේය.
නගර සභා කම්කරුවන්ගෙන් උගත් පාඩම
නගර සභාවේ පලමු සභා වාරය සදහා පැමිනෙමින් කරූ එක්තරා දසුනකින් කම්පා විය. ස්ථාන කිහිපයකදීම කරු ඇලවූ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවන් ගන්නා වෙහෙස ඔහු දුටුවේය . පොස්ටරයක් ඇලවීමට යන්නේ තත්පර කිහිපයක් වුවද එය ගැලවීමට විනාඩි ගනනාවක් යන බව ඔහු නිරීක්ෂණය කළේය . ඇතැම් කම්කරුවන්ගේ නිය පුපුරා ලේ ගලමින් තිබුණි. ඔහු මෝටර් රථයෙන් බැස කම්කරුවන් අසලට ගියේය. කම්කරුවන් කුමකින් කුමක් සිදුවන්නේදැයි වික්ෂිප්තව සිටියහ. සිදුවූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. පොස්ටර් ඇලවීම තමා අතින් සිදුවූ වරදක් බව කියූ කරු කම්කරුවන්ගෙන් සමාව ඉල්ලුවේය.
කරු ජයසූරිය සහ ජෝන් කොතලාවල
කරු එම සිදුවීම දේශපාලන පාඩමක් ලෙස ගත්තේය. තම දේශපාලනය වෙනුවෙන් පොස්ටර් කටවුට් භාවිතා නොකිරීමට තීන්දුවක් ගත්තේය . මඩ ගැසීම , අවලාද නැගීම, ජාතිවාදය කරුගේ දේශපාලනය තුල නොවිනි.කරු නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දුන්නේය . කරු ජයසූරිය දේශපාලනයට පිවිසියේ “ආවොත් කරු පායයි හිරු“ යන ප්‍රසිද්ධ පාඨය පෙරදැරි කරගෙන ය. දෛවෝපගත සිදුවීමකින්දෝ 2016 වසරේදී ඔහු ”උදාවන සූර්යයා‘ හෙවත් Rising Sun නමැති ජපානයේ විශිෂ්ඨතම සම්මානයෙන් පුදනු ලැබීය. උදා වන සූර්යයා Rising Sun සම්මානය අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, මීට පෙර එම සම්මානය ලද එකම ශ්‍රී ලාංකිකයා ශ්‍රීමත් ජෝන් කොතලාවලය.
ජපන් අධිරාජ්‍යයා ”උදාවන සූර්යා” සම්මානය පිදුවේ ඇයි ?

කරුට ”උදාවන සූර්යා ” සම්මානය පිදිමට හේතු හේතු පාඨ අතර ප්‍රධාන කාරනා 2ක් විය . පළමුවැන්න වූයේ කරු හදුන්වාදුන් නව දේශපාලන සංස්කෘතියයි . දෙවැන්න වූයේ කරු ව්‍යසායකයෙකු ලෙස රටට සිදු කල සේවාවය. බොහෝ දෙනෙකු නොදන්නවා වුවද එක්ස්පො ලංකා ප්‍රදර්ශනය කරුගේ අදහසකි. ශ්‍රී ලංකාවේ අපනයන ලොවට ගෙන යාමට එය ඉටු කළ සේවාව අති මහත්ය. කරු යනු විචක්ෂණ ව්‍යාපාරික ඥානයකින් ව්‍යාපාරික ලෝකය ජය කෙහෙළි නංවා තිබු අයෙකි.කරු සතුවූ තීක්ෂණ ව්‍යාපාරික ඥානය රටේ දියුනුව වෙනුවෙන් යොදවා ගැනීමට ජේ. ආර්ට අවශ්‍ය විය .කරු දේශපාලනයට එන්නේ ජේ.ආර් ජයවර්ධන ඔහුට කළ ආරාධනාවකට අනුවය
ලෝකයේ නව පෙරළි ප්‍රවණතා සහ ප්‍රතිමාණ
වර්ථමානයේ කැට හෙලවීමෙන්, ආධාර පත‍්‍ර වලින් හෝ මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වලින් දේශපාලන පක්‍ෂයක් නඩත්තු කළ නොහැක. රාජ්‍ය අංශයේ රැකියාදී , සමුර්ධිය , ජනසවිය හෝ පිනට ගෙවල් දී රටක් සංවර්ධනය කළ නොහැක . කළ යුත්තේ රටේ නිෂ්පාදනය වැඩිකොට රැකියා සුළභ කිරීමය. ලෝකයම තනි යායක් වී ඇති වට පිටාවක රටකට තනිනිවී සිටිය නොහැක.අයෙක් චීනය හෝ ඇමෙරිකාව යන දෙකෙන් එකක් තෝරා ගන්නේ නම් ඔහු මෝඩයෙකි. අවශය වන්නේ බල කදවුරු දෙකම සමග ගනුදෙණු කළ හැකි මනා පරිචයකින් යුතු නායකයෙකි. ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නෝ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ය . හිට්ලර්ගේ ස්වොත්තමවාදය ලොවට පිළිකාවක් විය. චර්චිල්ගේ කෘතහස්ත දේශපාලනය දිව ඔසුවක් විය . මිනිමරු හිට්‌ලර්ගෙන් ලෝකය ආරක්‌ෂා කර ගත්තේ චර්චිල්ය. අද රටට අවශ්‍ය වන්නේ හිට්ලර් පන්නයේ ගෝටාභයද , චර්චිල් පන්නයේ කරු ජයසූරියද , සිරිසේනට එහා කාලකන්නි ආතල් දෙන සජිත් වැන්නෙකුද යන්න ජනතාව විසින් තින්දු කල යුතුය.
-LEN-