අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව හෙට හෝ නුදුරු දිනකදී ඥානසාර හිමියන් නිදහස්ව යළි කරලියට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.