Exclusive: ගෝඨාගේ බළලා රොයිටර් සේවයෙන් එළියට පනී

Spread the love

පසුගිය පාස්කු දා සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ජනාධිපති සිහිනයෙන් හිස උදුමුවා ගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බව දැන් මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත. එම රහස වඩාත් සනාත කොට ඉස්මතු කිරීම ඔහු විසින්ම දැන හෝ නොදැන මේ වන විට සිදුකොට අවසන්ය. ඒ මෙම සිදුවීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව අවධාරණය කර ඇත්තේ අන්කිසිවක් නොව “තමා එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අනිවාර්යයෙන්ම තරඟ කරන බවත්, එහිදී තම ඉලක්කය මුස්ලිම් අන්තවාදීන් විනාශ කිරීම බවත්, ඒ මත පිහිටා බුද්ධි අංශ ශක්තිමක් කරන බවත්”ය. අන්තවාදී කටයුතු ඉන් පසු නවතා දැමීමට තමන් කටයුතු කරන බවද ඔහු කියයි.

ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රහාරය ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන මාධ්‍ය හරහා ISIS ඉස්ලාමීය සංවිධානය මත පැටවීමට දැඩි උත්සහයක් දැරූ බව මෙම සිදුවීමත් සමඟ පෙනෙන්නට තිබුණි. එහෙත් එය මේ වන විට මුළුමනින්ම පුස්සක් වී ඇති අතර මේ පිටුපස සිටින්නේ තව්හීඩ් ජමාත් සංවිධානයෙන් වෙන්ව ගොස් නිර්මාණය වුණේ යැයි පවසන ජාතික තව්හීඩ් ජමාත් නැමැති සංවිධානයක් බවට මේ වන විට සියලු සාක්ෂි සහිතව අනාවරණය වී අවසන්ය.

මෙම මුස්ලිම් ඉස්ලාමීය සංවිධාන ජාලයද පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම් ලෙස කටයුතු කරද්දී ගොඩනැඟුනු බොදු බල සේනා, රාවණා බලය, මහසොහොන් බලකාය වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන ජාලයට සමගාමීව රෝපණය කර ලදුව විවිධ අයවලුන් විසින් දැන හෝ නොදැන පෝෂණ කළ ඒවාය.

එම නිසා ගෝඨාභයට සම්බන්ධ මාධ්‍ය අංශ මඟින් මෙම ප්‍රහාරයට විදේශීය ත්‍රස්ත සම්බන්ධතා ආරෝපණය කර මෙය වෙනතකට යොමු කිරීමට උත්සහ දැරූවද මේ පිටුපස සිටින්නේ ගෝඨාභය බවත් මෙම ප්‍රහාරයේ ඉලක්කය ගෝඨාභයගේ මීලඟ ජනාධිපති සිහිනයට පාර කපන ඉලක්කය බවත් මේ වන සනාත වී අවසානය. මෙම ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව සමඟ ගෝඨාභයගේ සබඳතා සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ලියන ලද විමර්ශනාත්මක ලිපිය මෙතනින් කියවන්න.

RSL

Related Posts