අයවැය ගෙන එන්න සියල්ල සූදානම්; පැරදුනොත් ගෙදර..

Spread the love

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටී.

මේ වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2390 ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් ලෙස සටහන් වෙයි.

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය මස 05වනදා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඊට අනුව මේ වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2390 ක් වන අතර අපේක්ෂිත වියදම් රුපියල් බිලියන 4550 ක් ලෙස සටහන් වෙයි. ඒ අනුව 2019 වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2160 කි.

මේ අතර සමස්ත රාජ්‍ය වියදම වූ රුපියල් බිලියන 4450 න් රුපියල් බිලියන 2232 ක මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන් වීම විශේෂත්වයකි.

ඒ අනුව 2019 වර්ෂයේ රාජ්‍ය වියදමින් 50.15%ක්ම වැයවන්නේ දේශිය සහ විදේශිය ණය ගෙවීම සඳහායි.

RSL

Related Posts