මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්
- RSL
- February 28, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Opposition Leader Mahinda Rajapaksa, President Maithripala Sirisena, Prime Minister Ranil Wickramasinghe
- 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික ප්රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

