මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..
- RSL
- February 28, 2019
- Uncategorized
- Arjuna Mahendran, Bond scam, Central Bank, Central Bank of Sri Lanka, Ranil Wickeramasinghe, UNP
- 0 Comments
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ‘කළු ලෝගු’ පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක නිරත විය.
ස්මාට් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද බැංකු හොරකම පිළිබඳව නැවත මතක් කර දීම සඳහා මෙලෙස ‘කළු ලෝගු’ පැලඳගෙන විරෝධතා දක්වන බවත් මහ බැංකුවේ මුදල් හොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමින් මෙසේ විරෝධතාවක නිරත වීමට තීරණය කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පැවැසීය.

එහිදී ඔහු මෙසේද කීය.
ලෝක ඉතිහාසයේවත් මෙවැනි හොරකමක් කිසිම රජයක් විසින් මුදල් ඇමැතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කරලා නැහැ. කෙසේ වුණත් මෙම කුප්‍රකට හොරකමට අදට අවුරුදු 4ක් වෙනවා. ඒ පිළිබඳව මිනිසුන්ට සිහි කිරීමටයි අපි මෙහෙම මහ බැංකුව ඉදිරිපිටට ආවේ. මේ වනතුරු කිසිවක් ඒ සම්බන්ධයෙන් කරලා නැහැ.
එහෙත් මධුෂ් අල්ලාගන්න පුළුවන් වුණු කොමිසමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අල්ලගන්න බැහැ. බැහැ නෙවෙයි අල්ලන්නේ නැහැ. අගමැතිකියන්නේ බොරු අද මේ හොරකම නිසා ආර්ථිකය කඩා වැටිලා. රත්රන් බඩු සින්න වෙනවා. ගොවියා ලබා ගත් ණය වාරික ගෙවාගන්න බෑ. ව්‍යාපාර කඩා වැටෙනවා. අර්ථසාධක මුදල් හා ලංකාවේ බැංකුවල මුදල් කොල්ලකාපු නිසායි මෙහෙම වුණේ. ජනපති කොමිසමක් තිබිලත් වැඩක් වුණේ නැහැ. මිලියන 21ක් ජනතාවට සිදු වූ පීඩාව හා පාඩුව ගණනය කරන්න බැහැ. මේ හොරකමේ ප්‍රමාණය බිලියන 3000ක් වුණත් දැන් ඒ මුදල් පැටවු ගහලා. පාඩුව ගණනය කරන්න බැහැ.
නමුත් හොරකම් කරපු අය නිදැල්ලේ. අපි කියන්නේ වහාම මේ හොරුන් අත්අඩංගුවට අරගෙන පෞද්ගලික දේපළවලින් හරි කමක් නැහැ පාඩුව අයකර ගන්න කියලා.

