මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට! ඉතිරි කොටස රුවන්ට
- RSL
- February 23, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Managala Samaraweera, Ministry of Media, Ruwan Wijewardana
- 0 Comments
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත.
කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන ඇමතිවරයෙකු යටතට ජනමාධ්‍ය විෂය පැවරීමත් සමග ජනමාධ්‍ය කැබිනට් ඇමතිවරයා ලෙස නිතැතින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිතය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන්නේ, මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යංශය අවභාවිතා කරමින් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අදාළ ව්‍යාපෘතියෙන් බැහැරව වෙනත් දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යෑම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මංගලගෙන් මෙම කැබිනට් අමාත්‍යධුරයට ඉවත් කළ බවයි.

