පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර!
- RSL
- January 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election, President Maithripala Sirisena
- 0 Comments
පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡුා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

