අපි කරන්නේ ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ ලැබෙන වැඩ විතරයි

Spread the love

ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ සහ ආර්ථික ශක්තිය ලැබෙන සංවර්ධනය පමණක් තම ආණ්ඩුවෙන් සිදු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල බස් නැවතුම්පොල ප‍්‍රතිසංවර්ධනය කිරිම සඳහා නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමෙන් අතුරුව මාධ්‍යවේදීන් විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“(අද සමහරු රට ඉස්සරහට ඇවිල්ලා රට හදන්න ඉල්ලනවා. අපි දන්නවා 2008 වර්ෂයේදී හොඳම උදාහරණය මේ රට හදන්න එන අය ගැන ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනය 1998 ඉඳන් දස අවුරුද්දකට අරගෙන ඒ අවුරුදු දහය ඇතුලේ මිලියන 14,000ක ලාභයක් උපයලයි මහින්ද රාජපක්‍ෂට, ගෝඨාභය රාජපක්‍ෂට භාරදුන්නේ. ඒ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට. මොකක්ද අද තත්ත්වය.

අද වෙන කොට මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මේ ජනාධිපතිවරණවලට ඉදිරිපත්වෙන්න හදනවා කියන ශක්තිමත් කළමණාකරනයක් තියෙනවා කියන පාලකයෝ යටතේ මිලියන 250ක්. මේ අපි හැමෝම රුපියල් 12,500 ක් මේ වෙනකොට ගෙවල තියෙනවා මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ, මිහින්ලංකා එකේ බර වෙනුවෙන්.

මේව තමයි මේ රටේ සංවර්ධනය කියලා කෙරුවෙ. නමුත් මේ රජය එවැනි කිසිම සංවර්ධනයක් කරලා නෑ. ඒ භයානක ණය බරත් ගෙවන ගමන් ජනතාවට ආර්ථික ප‍්‍රථිලාභ ලැබෙන, ජනතාවට ආර්ථික ශක්තිය ලැබෙන ක‍්‍රියාමාර්ග විතරයි අපි අරන් තියෙන්නේ.

අපි, මිනිස්සු එන්නැති සම්මන්ත‍්‍රණ ශාලා, ගුවන් යානා එන්නැති ගුවන් තොටුපලවල්, ක‍්‍ර‍්‍රිකට් ගහන්නැති ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන, නම්බුවට හදපු වරායවල්, ඒ වගේම ත‍්‍රී වීල් ගන්නවාටත් වඩා නරක විදිහට ගුවන්යානා අරගෙන රට බාල්දු කරලා නෑ. මට මතකයි ඒ කාලේ, අද මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කියන හාදයාට ගෙදරට බල්ලා ගේන්න ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඇරියා සූරික් වලට. ගුවන් යානයක් ඇරියා ගෙදරට බල්ලා ගේන්න.

ඒගොල්ලෝ තමයි මේ කළමණාකාරයේ දක්‍ෂයෝ හැටියට අද ඉල්ලන්න යන්නෙ ජනාධිපතිවරණයට. එහෙමයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කළේ. අද ඒකෙ පාපය ගෙවන්න වෙලා තියෙන්නේ කිරිපිටි වලින්, පාන්පිටි වලින්, ඒ වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් අපේ රටේ ජනතාවට)” යැයි පැවසීය.

RSL

Related Posts