බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි

Spread the love

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි.

එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව ඒ සඳහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව එම යෝජනාවට ඊයේ (14) දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ සඳහා ථෙරවාද බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ව සිටි අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන කටයුතු පිළිබඳව එම රාජ්‍ය තාන්ත්‍රිකයන් සිය ප්‍රසාදය පළ කළහ.

එමෙන්ම මෙම කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලූ සහය ලබාදෙන බව ද ඔවුන් ප්‍රකාශ කළහ.

RSL

Related Posts