ජනපතිතුමනි, තවත් පස් වසරකට ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුයි.. මහාසංඝරත්නයෙන් ජනපතිට ආරාධනයක්!
- RSL
- January 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Buddhist, Buddhist monks, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ.
විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු කෙරුණේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන අයද සහභාගී වූහ.


