කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා
- RSL
- December 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Ravi Karunanayake, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි.
ඔක්තෝබර් 26 වැනිදාත් 29 වැනිදාත් තිබුණු තත්ත්වය දැනගෙනත් ඒ පුටුවට ගියාට පස්සෙ යම් අය කරන අලුත් මෝස්තරයේ වැඩපිළිවෙළ නිසා මේ තත්ත්වය නිර්මාණය වූ බවද හෙතෙම චෝදනා කර සිටී.
ලෝකය තමාව පිළිගන්නා විට මෙහි ඊර්ෂ්‍යා කරන අපේ පක්ෂයේ කෙළෙහිගුණයක් දන්නෙ නැති පිරිසක් තමා ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණක් බවද කීය.
මේ තත්ත්වය ඇති කළේ අපේම පක්ෂයේ සුළු පිරිසක් විසින් බවත් විපක්ෂයේ අය නොවන බවත් අවධාරණය කරයි.
තමා වෙත ලබාදී ඇති අභියෝගය බාරගෙන සතුටින් කටයුතු කරන බව සඳහන් කළ රවි කරුණානායක මහතා, අලුත් මෝස්තරයෙන් වැඩක් දී තිබෙන බවත් මේ අය කරන හැටි අපි බලමු’යිද පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු සියලු දෙනාම සමස්තයක් ලෙස එකට ඉන්න වෙලාවක සමඟිය නැති කිරීම සඳහා පක්ෂයේ හතර පස් දෙනකු මෙසේ කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි කී ඇමැතිවරයා මේ අයට වැඩිකල් යෑමට පෙර තේරුම්යාවි යැයිද හෙතෙම කියා සිටියේය.

