ජනපති පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සුදානම්! ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි!
- RSL
- November 9, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- General Election, Parliament Election, President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද වාර්තාවේ.
මෙහි පූර්ණ සැලසුමක් ලෙස අද(09) ජනාධිපතිවරයා විසින් පොලිසිය, රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් තමා යටතට පත්කර ගත්තේය.
එසේම අද (09) ඉතිරි අමාත්‍යධුර කිහිපයක් සඳහා අමාත්‍යවරුන්ද දිවුරුම් දුන්හ.


