අනිවාර්යය විභාග ලැයිස්තුවෙන් ශිෂ්‍යත්වය ඉවතට!
- RSL
- October 25, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Great 5, Great 5 Scholarship
- 0 Comments
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ.
මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞර්ෂයකින් හෙබි පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී ඔවුන්ගේ සමාජානුයෝජන කාර්යයට මෙම තරගකාරි විභාග මානසිකත්වය අහිතකර ලෙස බලපා ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න වන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැය වන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව ද අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය තුළ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිත අතර විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අදාලව එක් තීරණයක් ලෙස සියලුම සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරිමට තීරණය වී තිබේ.
ඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යාම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි.
ඒ අනුව ඉදිරියේ දී කැමැත්ත අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම හෝ නොසිටීම තීරණය කිරිමට ඔවුන්ට අවකාශය හිමිවනු ඇති.

