රොකට්ටුවක් උඩ අරින්න ජනපතිගේ සහය (Video)
- RSL
- October 14, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Rocket
- 0 Comments
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප්‍රදර්ශනයේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප්‍රදර්ශනය ඊයේ (13) දින විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

