ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු හබ ඉදිරියේ තම ජාමේ බේරාගැනීමට දඟලන ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් මෙම විගඩම අධ්‍යක්ෂණය කොට අද උත්සවශීයෙන් එළියට දමා ඇත.
මෙහි වඩාත්ම අවාසනාවන්තම කරුණ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර තිබෙන දේශපාලන ඝට්ටනය උපයෝගී කරමින් රාජපක්ෂ පාලන සමයේ කුප්ප හොර මගඩි, මිනීමැරුම් වලට සම්බන්ධ අයවලුන් වීසින් මෙවැනි ප්‍රථමික තලයේ විගමක් රඟ දැක්වීම තුළ මහින්ද රාජපක්ෂ වැනි පරිණත දේශපාලන නායකයෙකු නායකත්වය ලබාදෙන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන සැලසුම් මෙතරම් නොමේරූ ඒවාද යන්න විශ්වාස කිරීමටත් අපහසුය.
මීලඟ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, ගෝඨාබය අගමැති අපේක්ෂකයා ලෙසත් ගෙන එමින් මහින්ද-මෛත්‍රී සුසංයෝගය තුලින් ගොඩයෑමට දඟලන මහින්ද පිලේ සිටින මෛත්රීවාදීන් විසින් මෙම නිශ්ඵල ඵලය පැළ කිරීමට මෙවැනි උත්සහයන් දරමින් සිටී.
විගඩමේ තිර පිටපතේ අඩුපාඩු
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ නාමල් කුමාර නැමැත්තෙකු සිදුකළ ව්‍යාපෘති වාර්තාවක් සම්බන්ධ කරුණකදී ඔහු දක්වන පෞද්ගලික අදහසක් පාදක කරගනිමින් අගමැතිවරයාට එරෙහිව ගොඩනඟන්නට වෙර දරන්න උත්සහ කරන මෙම පුවත් පැළ කිරීමේ අඩු පාඩු අතිවිශාලය.
01. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හෝ අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට යන බවට හෝ සැලසුම් කරන බවට වූ කිසිඳු ප්‍රකාශයක් මොහු මාධ්‍ය හමුවේ දිග හරින හඬ පටයේ අන්තර්ගතව නැත.
02. මෙම ජචනිකාවේ චරිතයක් වන නාමල් කුමාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසන මෙහි කාර්ය සාධක ව්‍යාපෘතියක් සිදුකිරීමට වඩාත් විශ්වාසනීය සහ අව්‍යාජ (එහි අන්තරගතය අනූව) පුද්ගලයා කවුරුන්ද යන්න විමසූ විට ඔහු පවසන්නේ අගමැතිවරයා වටා සිටින පුද්ගලයින් අගමැතිවරයාට පක්ෂපාතී සහ විශ්වාස බවයි.
(මෙය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කීමට අවශ්‍ය නැත. එය අපද වගකීමෙන් යුතුව පැවසීමට කැමැත්තෙමු. මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා 100% නොව 200% නිවැරදිය. ජනාධිපතිවරයා වටා සිටින්නේ සැබැවින්ම ජනාධිපතිවරයාට හිතවත් අයවලුන් නොව රාජපක්ෂවරුන් විසින් හපකොට ඉවත දමන ලද වැද ගැම්මකට නැති අයයි. එසේම ආරක්ෂක අංශයට අදාළව උසස් වීම් ලබාදෙමින් ජනාධිපතිවරයා තම රෙද්ද අස්සේ දමාගෙන සිටින්නේ ගෝඨාභයගේ නයින්ය. සිරිසේන ජනාධිපතිවරයා වේදිකා මත රාජපක්ෂවරු ඇතුළු පිරිස්වලට කඩු වනමින් සද්දේ දැමූවද ඩීල් දමන්නේද ඔවුන් සමඟය)
03. “ජනපති-අගමැති දේශපාලන ගැටුම මරණයෙන් කෙළවර විය හැක” යන්නට කිසිඳු දේශපාලන පසුබිමක් මහ පොළොවේ දේශපාලනය තුළ නොමැති පසුබිමක “වැසි නැතිව හෙණ ගසන” ආකාරයේ මෙවැනි විගඩම් ජවනිකාවක් පැළ කිරීමට උත්සහ කිරීම
04. මේ සඳහා යොදාගත් පසුබිම් තලයද ඉතා බේදනීයය. මෙම විගඩමේ ප්‍රධාන චරිතය වන “නාමල් කුමාර” සහ දෙපස සිටින සහයට ඩෑනීලාගේ පෞෂරුත්වයද ඉතා බේදනීයයි. අවම තරමේ බැනරයට සහ ග්‍රෆික් නිර්මාන සඳහා වැය කර ඇති මුදල සමඟ සැසඳීමේද පිටුපස සිටින සහයට ඩැනීට හොඳ ඇඳුමක් අන්දවා වාඩිකරවන්නට තිබිණ.
05. මෙවැනි බරපතළ ඝනයේ පුවතක් පැළ කිරීමට උත්සහ දරන මාධ්‍ය ආයතනය “ප්‍රවෘත්තිය සම්පාදනය කොට බෙදාහැරීමේදී” නළුවන්ගේ ජවනිකා ටික අවසන් වූ පසු මෙහි බරපතළ භාවය සම්බන්ධයෙන් ඒත්තු ගැන්වීම වෙනුවට කෙළින්ම අධ්යක්ෂවරයාගේ වොයිස් කට් ඇතුළු සහය අධ්‍යක්ෂවරුන්ගේ කතා විකාශනය.
මේ අප ගෙන හැර දැක්වූයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඉතා වෙහෙසක් දරා තමන් සහ ලොක්කෝ දෙදෙනා ගොඩ යෑම වෙනුවෙන් නිෂ්පාදනය කොට එළියට දැමූ මෙලෝ රහකට නැති විගඩමේ දුර්වල කම් වලින් අතලොස්සක් පමණි.
මින් පසුව හෝ මෙවැනි පුවත් පැළ කිරීමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේලා මනා පුහුණුවකින් සහ සැලැස්මකින් යුතුව තාත්වික බවින් එළියට දමන්නේ නම් යම් කිසි දේශපාලන වාසියක් හෝ ලබාගත හැකිවනු ඇත.
එසේ නොමැතිනම් අවසානයේ විහිළුවට සහ සමච්චලයට ලක්වන්නේ ඔවුන්ගේ නායකත්වය සහ පක්ෂයයි.
තවද රටක ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත යුතුය. එහි කිසිඳු තර්කයක් නොමැත. එහෙත් “ජනපති ඝාතන තැතක්/කුමන්ත්‍රණයක්” යන ඇවිලෙන සුළු මාතෘකා යොදා ගනිමින් මෙවැනි හාස්‍ය උත්පාදක විගඩම් ජනතාව ඉදිරියේ රඟ දක්වා එම පුවත් ශීර්ෂ පාඨයේ ප්රවෘත්තිමය වටිනාකම බාල නොකළ යුතුය.