යහපාලනයේ ආර්ථිකය අනන මංගලගෙන් එන රෙද්දෙ බද්ද සහ එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා

Spread the love

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමය මුලුමනින්ම අවුල් ජාලාවක් කොට රටේ ජනතාව මත බදු පිට බදු ගැසූ වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ.

මංගලගේ රෙද්දෙ බද්ද

මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගැනීම නිසා රට තුළ රෙදිපිළි නිෂ්පාදන ව්‍යාපාරය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨයෙක් එක්තරා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔවුන්ට වාර්තා වන ආකාරයට දැනට අමුරෙදි හා නූල් ආනයනයේදී කිලෝවකට රුපියල් 100/-ක සෙස් බද්දක් අයකෙරේ. එසේම එමගින් යම් නිෂ්පාදනයක් සිදුකළ විට එහි වටිනාකමට තවත් 10%ක මුදලක් එකතු කර ඒ සියලු ගාස්තු මත 15%ක වැට් බද්දක් පනවා තිබේ. එම බදු රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රයට දරාගැනීමට අපහසු වීම හේතුවෙන් මෙම කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා කරන දස ලක්ෂයකගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇතැයි වාර්තාවේ. මෙම කර්මාන්තය ආශ්‍රිත සමස්ත ව්‍යාපාරවල වාර්ෂික මෙහෙයුම අමෙරිකානු ඩොලර් කෝටි 100 (ඩොලර් බිලියනය) ක් පමණ වෙතැයිද සඳහන්ය.

මංගලගේ සහචරයින්ට “සප්‍රයිස්” කළ “එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා”

පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් කාබාසිනියා කිරීම ගැන ලොවට අනබෙර ගසමින් පැමිණි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පනික්කියෙකු වූ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රාජපක්ෂලා එවක මහජන මුදල් කාබාසිනියා කරදැමූ ප්‍රධාන ව්‍යාපෘතියක් වූ “දැයට කිරුළ” විගඩමේ ඊටත් වඩා දුර්වල වැදගැම්මකටම නැති නවතම කොපිය වූ “එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා” ලෙස පසුගියදා මොනරාගලදී ගෙන හැර දැක්වීය.

ඉතිහාසයේ කවරදාක වත් සිදුනොවූ ලෙස ඩොලරය දිනපතා ඉහළ යද්දී, මහජන මුදල් විනාශ කරමින් මංගලගේ සහචරයින්ට “එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය තම මඩි මිලියන ගණන් වලින් තරකර ගැනීමේ “සප්‍රයිස්” එකක් බවට වාර්තාවේ. මෙම සංදර්ශන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය කෙතරම්ද යන්නට එක් සුළු උදාහරණයක් ගෙනහැර දක්වනවානම් එදා රාජපක්ෂලා “දැයට කිරුළ” ප්‍රදර්ශන සැණකෙළිය කිරීමට මත්තෙන් ඒ අවට ගම්මාන වල යටිතල පසුකම් ඇතුළු ජනතා අවශ්‍යතා යම්තාක් දුරකට හෝ ඉටු කර දීමට ක්‍රියා කළහ. අප ව්‍යවහාර භාෂාවෙන් කියනවානම් ආණ්ඩුවේ සංවර්ධන ගැන ජනතාවට කියාදීමට දින 03ක සංදර්ශනයක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් දැවැන්ත කෘතිම ප්‍රදර්ශන කලාප සහ කුටි තනවා, සංගීත සංදර්ශන පවත්වමින් පසුගියදා ඇමති මංගලගේ මුදල් අමාත්‍යංශය මුලික වෙමින් සිදුකළ මොංගල් වැඩෙන් ජනතාවගේ මහජන මුදල් කෝටි ගණනක් කාබාසිනියා වූ හැර ලැබූ ප්‍රතිලාභය කුමක්ද යන්න ඔහු හෝ ආණ්ඩුව පැහැදිලි කළ යුතුය.

නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති මංගලගේ මෙම “එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා” විගඩම සම්බන්ධයෙන් අප උදාහරණ සහ සාක්ෂි සහිතව ඔබට ඉදිරියේ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

RSL

Related Posts